'විශ්ව ශිෂ්‍ය පනත' යනු කුමක්ද ? [වචනාර්ථ / වචන වල අර්ථ]


"විශ්ව ශිෂ්‍ය පනත" යන වචන තුනෙහි අර්ථ විමසීම මෙම වියමනෙන් සිදුවේ.

මෙම වචන තුන පහත ලෙස ඛණ්ඩනය කර අරුත් විමසීම සිදු කල හැක.


(01) විශ්ව


විශේෂණය

සියලු, හැම, සම්පුර්ණ, සියල්ල අඩංගු, සමස්ත. ජගත්


නාම ප්‍රකෘතිය

01. සියලු රට රාජ්‍ය ඇතුළු ලෝකය
02. ඉර හඳ තාරකා ඇතුළු සමස්තය, ලෝක ධාතුව
03. මන්දාකිණිය
04. සිංහල කුලයක නම, බඩල් කුලය


(02) ශිෂ්‍ය

නාම ප්‍රකෘතිය

01. ඉගෙනගන්නා තැනැත්තා
02. ගෝලයා
03. සිසුවා

විශේෂණය

01. අනුසාසනාකටයුතු
02. ඉගැන්විය යුතු
[සංස්කෘත. තත්සම]


(03) පනත

'පනත' යන වචනයට අර්ථ සෙවීමට අදාල මුලාශ්‍ර ග්‍රන්ථ වල තොරතුරු ඇතුලත් ව නොතිබිණි.

එහි මුඛ්‍ය අර්ථය ඉංග්‍රීසි වචනය හා සසඳා බැලු විට වන්නේ,

නීතියක් යන්නයි.


ආශ්‍රිත මුලාශ්‍ර ග්‍රන්ථ

ශබ්දකෝෂ

විශ්ව වි. (විශේෂණය) නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය). In : ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂය, සිව්වන මුද්‍රණය, 2015. කොළොඹ 12 : සී/ස ඇම්. ඩී. ගුණසේන මුද්‍රණකරුවෝ සහ (පුද්ගලික) සමාගම, පිටු 278

ශිෂ්‍ය නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය). In : ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂය, සිව්වන මුද්‍රණය, 2015. කොළොඹ 12 : සී/ස ඇම්. ඩී. ගුණසේන මුද්‍රණකරුවෝ සහ (පුද්ගලික) සමාගම, පිටු 292

Comments

Popular posts from this blog

Meaning of 'Universal Student Act (USA)' ?